Breaking News: Community event scheduled for this weekend!
Latest Update: Infrastructure development projects underway.
Announcement: New public service office opening soon!

අපි ගැන

නැගෙනහිර පස්දුන් කෝරළයට අයත් පාලින්දනුවර බල ප්‍රදේශය උතුරින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම හා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් දකුණින් ගාලු දිස්ත්‍රික්කයේ තවලම හා නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් නැගෙනහිරින් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් බටහිරින් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම් වී ඇත. පාලින්දනුවර බල ප්‍රදේශය කළුතර දිස්ත්‍රික්කයේ අනෙකුත් සභා බල ප්‍රදේශයන්ට වඩා විශාල භූමි භාගයකට හිමිකම් කියයි. මෙහි මුළු භූමි ප්‍රමාණය ව.ක.මී. 286.03 කි. පාලින්දනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ග්‍රාම නිළධාරි වසම් 43 කි.

user

මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සේවා සපයන ප්‍රධානතම ආයතනයක් වන ප්‍රාදේශීය සභාව වෙත පැවරී ඇති වගකිම අතිමහත්ය. අණපනත් හා චක්‍රලේඛ මෙන්න විවිධ නෛතික රාමුවක් යටතේ ශක්තිමත්ව සේවා සැපයීම ඉතා වැදගත් වී ඇත. තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත්කරගනිමින් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙමින් පරිසරය සුරැකීම සහ රටේ සංවර්ධනය සහ ඩිජිටල්කරණය වැනි නවීන තාක්ෂණික ක්‍රමවේද වෙත යොමු වෙමින් තාක්ෂණික මෙවලම් මගින් ලබා ගත හැකි පිටිවහල ලබා ගැනීම ද මෙහිදී වැදගත්වේ. පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ උපරිම දායකත්වය මත ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය සේවා‚ පොදු උපයෝගිතා සේවා ‚පොදු මංමාවත් නඩත්තුව යනා දී ජනතාවගේ සුඛවිහරණයට පහසුවට හා සුභසාධනයට අදාල පහසුකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීමටත් ඊට අදාල සියළු කටයුතු විදිමත් කිරීම හා පරිපාලනය කටයුතු සිදුකරමින් අරමුණු, කාර්යයන් හා කර්තව්‍ය‍යන් ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යමින් ස්වයං උත්පාදිත ආයතනයක් ලෙස රටේ ආර්ථිකයට ද ශක්තියක් වීම සඳහා නායකත්වය ලබා දීම මාගේ අපේක්ෂාවයි.


ප්‍රාදේශීය සභාවේ ලේකම්

හා පාලින්දනුවර ප්‍රාදේශිය සභාවේ බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී

අපගේ සේවාවන්

විශේෂ දැන්වීම්

ටෙන්ඩර් දැන්වීම 2026
සැපයුම් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචිය 2026
අයවැය යෝජනා
advertise